හැටන් නගරයේ ගාල් කර තිබූ රුපියල් ලක්ෂ පහක් වටිනා යතුරු පැදියක් පැය කිහිපයක් ඇතුළත සොයා ගැනීමට හැකි වූ බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පවසනවා.
ඊයේ(05) දින රාත්‍රී 7.30ට පමණ හැටන් නගරයේ ඔසු සැලක් අසල ගාල් කර තිබූ යතුරු පැදිය ගාල් කර තිබූ ස්ථානයේ නොතිබුණ නිසා යතුරු පැදිකරු ඒ පිළිබඳව හැටන් පොලිසියට පැමිණිල්ලක් කිරීමත් සමග වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන වෙත දැනුම්දී මාර්ග බාධක යොදා සොරා ගන්නා ලද යතුරු පැදිය සොයා මෙහෙයුමක් දියත් කර තිබුණා.
යතුරු පැදිකරු කියා සිටින්නෙ ඖෂධ කිහිපයක් මිලදී ගැනීමට හැටන් නගරයේ පැති වීදියේ ඖෂධ වෙළෙඳ සැල අසල යතුරු පැදිය ගාල් කර අමතකවීමකින් යතුර, යතුරු පැදියේම තබා ගිය බවයි.
ඖෂධ ලබාගෙන යතුරු පැදිය ගාල් කර තිබුණු ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී යතුරු පැදිය නොතිබුණ නිසා තමන් ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවද ඔහු පවසනවා.
නෝර්වුඩ් වෙන්චර් වතුයායේ වතු නිවාස පෙළක් අසල යතුරු පැදියක් ඇති බවට එම වතු යායේ පදිංචිකරුවන් විසින් නෝර්වුඩ් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නෝර්වුඩ් පොලිසිය විසින් යතුරු පැදිය සහ යතුරු පැදිය සොරකම් කරන ලද සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු නෝර්වුඩ් ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් බවත් එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිස් භාරයට ගැනුණු සොරකම් කරන ලද යතුරු පැදිය හැටන් පොලිසිය වෙත භාර දුන් බවත් නෝර්වුඩ් පොලිසියේ නිලධාරියෙක කියා සිටියා.
යතුරු පැදි සොරකම සම්බන්ධයෙන් හැටන් සහ නෝර්වුඩ් පොලිසිය වෙන් වෙන් වශයෙන් විමර්ශන පවත්වනු ලබනවා.