නෝර්වුඩ් නගරයේ තොග වෙළෙඳ සැලක් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි අලෙවියට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු, අල හා සුදු ලූණු තොගයක් විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
හැටන් බුද්ධි අංශ නිලධාරීන් විසින් මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයට ලබාදුන් තොරතුරක් මත එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් වැටලීම කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අදහස් දැක්වූ මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියේ බුද්ධි අංශ තොරතුරක් මත මජහන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් කරන ලද පරීක්ෂාවකදී නෝර්වුඩ් නගරයේ තොග වෙලෙඳ සැලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ අල කිලෝ 20ක්, බී ලූණු කිලෝ 396ක් සහ සුදු ලූණු කිලෝ අටක් අත්අඩංගුවට ගැනුණු බවයි.
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගෙන එම වෙළෙඳ සැල් හිමියාට මේ මස 12 වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.













