ජනාධිපතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට සිදුකරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
එහි මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවේ මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡාවකින් පසුව මුද්‍රණ කටයුතු ආරම්භ කළ බවයි.
අද සිට දින කිහිපයකින් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බව ද ඇය සදහන් කළා.
මුද්‍රණ කටයුතු අවසන් වීමෙන් පසුව විශේෂ ආරක්ෂාවක් යටතේ ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දීමට නියමිතයි.