ශ්‍රී ලංකාවේ එක් දින සංචාරයක නිරත වී සිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එම සංචාරය නිමා කර 10/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
එතුමා සමග පැමිණි දූත පිරිස සමග ඔවුන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් වන අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් 10/04 දින පස්වරු 06.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ .
ඔවුන්ට සමුදීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .