
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා තිබෙනවා. මුල් යථා තත්ත්වයට පත්වීමේ පළමු මාස හතර තුළ, මාර්ග සහ තාවකාලික නවාතැන් ඉදිකිරීම, පානීය ජලය සැපයීම සහ විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් මිලියන 52.6 ක් පමණ වනු ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. අගෝස්තු 26 වන දින නේපාලයේ චීනය සමඟ මායිම් කලාපයේ ත්‍රිශුලි ගඟ දිගේ අයිස්, පාෂාණ සහ මඩ ගංවතුරක් ගලා ගියා. ඉන් නගර සහ ගම්මාන විනාශ වී 1,250 කට වැඩි පිරිසක් මිය ගිය අතර, 4,200 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී තිබෙනවා.














