Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
    • චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
    • ආසියානු කාන්තා අවසන් මහා සටන අද
    • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්
    • ව්‍යාජ රියදුරු බලපත්‍ර සෑදූ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයවැය යෝජනාවක් හදාගන්න බැරි ආණ්ඩුව වතු කම්කරුවෝ රවට්ටනවා

    අයවැය යෝජනාවක් හදාගන්න බැරි ආණ්ඩුව වතු කම්කරුවෝ රවට්ටනවා

    2025-11-14කියවීමට මිනිත්තු 3ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා දීමනාවක් ගෙවා ගැනීමට අයවැය යෝජනාවක් සකස් කරගැනීමට නොහැකි ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට විපක්ෂය විරුද්ධ යැයි ව්‍යාජ ජන මතයක් හදන්නට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය රත්තොට ප්‍රදේශයේදී කියා සිටියා.

    පසුගිය අයවැය මගින් වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුපක් ලබාදෙන බව ප්‍රකාශ කළද එය ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වූ බවයි මන්ත්‍රීවරිය පවසන්නේ.

    වතු කම්කරුවන්ට නිවාස ඔප්පු ලබාදෙන බව බව පවසා කඩදාසි කැබැල්ලක් බණ්ඩාරවෙලදී ලබාදුන් බවද මන්ත්‍රීවරිය පවසනවා.

    රටේ මුදල් රෙගුලාසි අනපනත් අනුව ඒකාබද්ධ අරමුදල් මගින් පුද්ගලික වියදම් දැරිය නොහැකි බව දැන දැනම වතු කම්කරුවන්ට රුපියල් 200ක දීමනාවක් දෙන බව වසා අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසන්නේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය…

    ලංකාවේ පවතින මූල්‍ය රෙගුලාසි අනුව පුද්ගලික සමාගමක සේවකයින්ට ආණ්ඩුවෙන් වැටුප් ගෙවන්න බෑ. පුද්ගලික සමාගමකට වැඩ කරනවාට ආණ්ඩුවෙන් වැටපු ගෙවන්න රාජ්‍ය නිලධාරීන් අල්ලස් පනතේ ‘දුෂණය’ කියන වරදට චෝදනා එල්ල වෙනවා.

    මේ ආණ්ඩුවට හරි හමන් අය වැය යෝජනාවක් හදාගන්න බෑ.  මේ ආණ්ඩුව වගේම වැඩ කරමින් පුරුදු වෙනවා. හැම දේම අවුල් කර ගන්නවා.   වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම ආණ්ඩුව ගෙනාපු ඉතා යහපත් යෝජනාවක්. හැබැයි, ඒකාබද්ධ අරමුදල් මගින් පුද්ගලික අංශයේ පඩි ගෙවන්න යෝජනා කිරීම  “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත  යටතේ ‘අය වැය අධ්‍යක්ෂ ජනරාල්’ හිරේ යන වැඩක්.

    වතු කම්කරුවන්ට වැටුප් ගෙවන්න නම් ආණ්ඩුව හරි ක්‍රමයක් සොයාගත යුතුයි. මම මේ වරද පෙන්වා දෙනවා. ආණ්ඩුව කරන්නේ බොරුව කියලා මම කියනවා. දැන් වැඩ බැරි ආණ්ඩුව විපක්ෂය චෝදනා කරනවා වතු කම්කරුවන්ට වැටුප් ගෙවන්වාට අපි විරුද්ධයි කියලා. මේවා වැඩ බැරි ආණ්ඩුවේ  බංකොලොත් වැඩ.

    මම අල්ලස් කොමිසමට, විගණකාධිපතිවරයාට යෝජනා කළේ  මේ වැඩ බැරි ආණ්ඩුවට මේ යෝජනාවට හරියට හදලා දෙන්න කියලා. 

    1.    යෝජනාව හරියට හදලා රු. 2000 ක වැටුප් වතු කම්කරුවන්ට ගෙවන්න කියලා මම ලිපියෙන් යෝජනා කළා.

    2.    කුඩා හා මධ්‍ය පරිමාණ වතුවල සේවය කරන 40,000 කට ත් රු. 2000 ක අවම වැටුප ලබාදෙන ක්‍රමයක් හදන්න මම යෝජනා කළා.

    3.    ලොකු සමාගම් ටිකක විතරක් නෙවෙයි, රටේ සැම වතු කම්කරුවෙකුට වැඩ කරන දවස් ගාන නොතකා වැඩ කරන හැම දවසකට රු. 2000 ක් දෙන ක්‍රමයක් අවශ්‍යයි.

     අද කරන්නේ රාජ්‍ය නිලධාරීන් අතින් වරදක් වුනාම, ඔවුන් අල්ලලා හිරේ දාන එක. මේ අය වැය යෝජනාව වැරදි බව, කිසිම අයුරිකන් පුද්ගලික වත්තක වැඩ කරන කම්කරුවන්ට  ආණ්ඩුවෙන් පඩි ගෙවන්න බැරි බව පරිපාලන ගැන අවබෝධයක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා.

    ‘මුදල් අමාත්‍යාංශය මේ අය වැය යෝජානාව ලියා ඇති ආකාරයට වතු කම්කරුවන්ට භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප් හා දීමනා ගෙවන්නේ නම් එම වව්චර සකස් කරන, නිර්දේශ කරන, අනුමත කරන නිලධාරීන් අමාරුවේ වැටෙනවා. අන්තිමට වතු කම්කරුවාට පඩියත් නෑ. නිලධාරීන්ට රස්සාවත් නෑ.  නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ!

    අල්ලස් කොමිසම ලිඛිතව කියනවා නම්, ‘ඒකාබද්ධ අරමුදලෙන් පඩි ගෙව්වාට’ හිරේ දාන්නේ නෑ කියලා වතු කම්කරුවන්ට රු. 2000 ක් දීලා එහි ගෞරවය ආණ්ඩුව ලබා ගත හැකියි.  ඇඟලුම් කම්හල් සේවිකාවන්ටත්, අවශ්‍ය තවත් අයටත් මේ විදිහටම  ආණ්ඩුවේ බදු මුදල් වලින් වැටුප් ගෙවන්න පුළුවන්.

    වතු කම්කරු වැටුප වැඩි කිරීමට කිසිම දේශපාලන පක්ෂ විරුද්ධ නෑ. වතු ප්‍රජාව නිසා තමයි, ර‍ටට විදේශ විනිමය ලැබෙන්නේ. ඔවුන් අවවරප්‍රසාදිත කණ්ඩායමක්.  ඔවුන් මේ අගාධයෙන් ගොඩ ගත යුතුයි.  හැබැයි ඔවුන් ට නීති විරෝධී බොරු පොරොන්දු දීලා තවදුරටත් ඔවුන් රැවටීම සිදු නොකළ යුතු යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
    අල්ලස් කොමිසම වෙත යොමු කළ ලිපිය
    Loader Loading...
    EAD Logo Taking too long?

    Reload Reload document
    | Open Open in new tab
    පෙර පුව​තමතභේදමැද අගලවත්ත දිනයි – පඬුවස්නුවර පරදියි
    ඊළඟ පුව​ත පදියතලාව මාලිමාව පරදියි – තණමල්විල සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් දිනයි

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group