බහුතර මාධ්‍ය සංදර්ශන ඇත්තේ කෝප් කමිටුවේ බවත් එය වත්මන් ආණ්ඩුවේ කෝප් කමිටුවේ පමණක් නොව ඉතිහාසයේ සිටම ඒ ආකාරයෙන් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එසේම පාර්ලිමේන්තුවේදී අද පැවැති විවාදයට එක්වෙමින් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ කෝප් කමිටුව රියැලිටි ෂෝ එකක් පමණක් බවත් ඊට තීන්දු ගන්නා බලයක් නොමැති බවත්ය.
නිලධාරීන් කෝප් කමිටුව හමුවට ගෙන්වා අපහසුතාවයට පත්කර මාධ්‍ය ඉදිරියේ ලැජ්ජාවට පත් කරන බවත් එකම ප්‍රශ්නය දෙතුන් වතාවක් විමන බවත් එහිදී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.
නාමල් රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.