ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගිතාව වැඩි දියුණු කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අතර පැවති හමුවකදීයි මේ පිළිබද අවධානය යොමුව ඇත්තේ.
දෙරට අතර පවතින හමුදා සහයෝගිතාව සහ ශ්‍රී ලංකා හමුදාවන්ට ලබා දිය හැකි පුහුණු අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
නිතී විරෝධි මත්ද්‍රව්‍ය දිවයිනට ගලා ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.