කෑගල්ල පළාත්බද මහාධිකරණයේදී අද දින චූදිතයින් පස් දෙනෙකු හට මරණ දඩුවම ලබා දී තිබෙනවා.
ඒ 2014 වර්ෂයේ දී කෑගල්ල පොලිස් වසමේ දේවාලගම කහගල්ල ප්රදේශයේ නිවසක පැවති සාදයකදී ඇති වූ ආරවුලක් මත බදාමයෙන් සකසන ලද ගලකින් පහර දී ඝාතනය කිරීමක් සම්බන්ධයෙනුයි.
කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මිය විසින් අද දින මෙම නියෝගය ලබා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.