
මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් සිසුන් පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. සිසුන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.














