හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිද ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නීතිවිරෝධී ලෙස එකලස් කළ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගි මෝටර් රථයක් සන්තකයේ තබා ගැනිමේ චෝදානවට අදාළව ඔවුන් දෙදෙනාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.