ආසියානු රටවල් රැසකින් මේ දිනවල උෂ්ණාධික කාලගුණයක් වාර්තාවන අතර ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා .
මේ වනවිට ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන් .
උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්රාන්තයටයි .
ඒ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් ට දරුණු ජල හිඟයකට ද මුහුණ දීමට සිදුව තිබෙනවා .
ප්‍රදේශයේ බහුතර ජන කොටසක් ළිං ජලය භාවිත කරන අතර ළිං සිඳී යාමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .
අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තාවී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක් බව සඳහන් .