Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    2026-02-06

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
    • රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
    • ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා
    • ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
    • ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
    • හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලි – මිනිස් ගැටුමට විසදුම් සොයා දුමින්ද කළ වැඩේ

    අලි – මිනිස් ගැටුමට විසදුම් සොයා දුමින්ද කළ වැඩේ

    2023-07-29කියවීමට මිනිත්තු 5ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සකස් කර ඇති  අලි මිනිස් ගැටුම පිළිබඳ ජාතික ප්‍රථිපත්තිය මේ වන විට පවතින අලි -මිනිස් ගැටුමට 80% ක පමණ විසඳුම් ලබා ගත හැකි බවත්, රජයෙන් හා  ජාත්‍යන්තර සංවිධාන , ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මෙන්ම,  අලින්ට හා මිනිසුන්ට ආදරය කරන සැමගෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට  එකතු වෙමු, උදව් කරමු යැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි  ගම්මානයන්හී නිරික්ෂණචාරිකාවකින් අනතුරුව පරිසරවේදීන්ගේ හා සත්වවේදීන්ගේ සංවිධාන කීපයක් පැවසුුුවා.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනයන්ට නිරන්තරයෙන් මුහුණ දෙන ගම්මාන කීපයක් වෙත ගොස් එම ගම්මාන වල ජනතාවට වන අලින්ගෙන් සිදුවන හානී හා එම හානී අවම කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් එම ගම්මානයන්හී  නිරීක්ෂණ චාරිකාවක් පරිසර සංවිධාන, සත්ත්ව හිමිකම් සංවිධාන නියෝජනය කරන පරිසරවේදීන් හා සත්වවේදීන් කීහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (28) දවස පුරා සිදු කෙරුණා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයකට අනුව,‘‘සුරකිමු ශ්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන්, හිටපු වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය , සත්ත්ව  සුභසාධන උපදේශිකාවක හා සත්ත්ව සංරක්‍ෂකිකාවක වන ඔටාර ගුණවර්ධන,   “රෙයාර් ශ්‍රී ලංකා” ආයතනයේ නිර්මාතෘ හා උපදේශිකා පංචාලී පනපිටිය මහත්මිය ඇතුළු පරිසරවේදීන් හා සත්ත්වවේදීන් කිහිපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම බහුලව පවතින ගම්මාන කීපයක් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී දුමිනිද් දිසානායක මහතා සමඟ ගොස් නිරීක්ෂණය කරනු ලැබීය. එම අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු විල්පත්තු බලකායේ අණ දෙන නිළධාරී ලුතිනන් කර්නල් රසික කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද සහභාගී වුුුනා.

    එම පිරිස අලි-මිනිස් ගැටුම් පවතින විල්පත්තු රක්ෂිතයට මායිම්ව පිහිටි ඇලයාපත්තුව, විලච්චිය යන  ගම්මානයන් වෙත ගොස්, වන අලින් හානි සිදු කළ නිවාස, ගොවිබිම් ඇතුළු දේපළ මෙන්ම, අලි වැට නිරීක්ෂණය කරනු ලැබීය.අනතුරුව ඔවුන් ගම්වාසීන් සමඟද අලි -මිනිස් ගැටුම් ඇතිවීමට හේතු, වන අලින් ගම්වැදීමේදී ගම්වාසීන් වන අලින් පලවා හැරීමට යොදන උපක්‍රම මෙන්ම, අලි -මිනිස් ගැටුම පාලනයට ගම්වාසීන් සිදු කරන යෝජනා සම්බන්ධයෙන්ද අදහස් ලබා ගත්තා.

    එහිදී ගම්වාසීන් පෙන්වා දෙනු ලැබූවේ, අලි වැට තිබූවද ඒවා පෙරලාගෙන වන අලින් ගම්වදින බවයි, අලි වෙඩි වලට පවා අලින් බිය නොවන බවයි.නිරන්තරයෙන් ගම්වදින වන අලින් තම වගා බිම්, නිවාස ඇතුළු දේපළ මෙන්ම මිනිස් ජීවිතද‌ විනාශ කර දමන බවට ඔවුන් එහිදී පෙන්වා දුන්හ.ඇතැම් පිරිස් වන අලි තර්ජනයන්ට බියේ ගම්බිම් පවා අතැර ගොස් ඇති බවට ඔවුන් පෙන්වා දුන්හ.වන අලින්ට කඳන් බැදීම, වස විස දීම, වෙඩි තැබීම, හක්ක පටස් දීම, විදුලි සැර වැද්දවීම වැනිදේ සිදු කර  අලින් ඝාතනය කිරීමට පෙළඹෙන්නේ, වන අලින්ගේ තර්ජන බහුල වීම හේතුවෙන් බවද ගම්වාසීන් එහිදී පෙන්වා දුන්වා.

    සිවිල් ආරක්ෂක නිළධාරීන්  ගිණි අවි සමඟ යොදවා ගම්මාන ආරක්ෂා කිරීම හෝ ගම්මාන වලට පැමිණ මිනිස් ජීවිත බිලි ගන්නා දරුණු වන අලින් අලි රැදවුම් මධ්‍යස්ථාන හෝ රක්ෂිත තුළට යොමු කිරිම කාලෝචිත බව  විල්පත්තු බලකායේ අණ දෙන නිළධාරී ලුතිනන් කර්නල් රසික කුමාර මහතා එහිදී පැවසුුුවා.

    ප්‍රමිතියෙන් තොර හා නිසි නඩත්තුවකින් තොර  අලි වැට ගම්මාන වටා ඉදි කර තිබීම හේතුවෙන් අලින් ගම්වදින බවත්, ඒවා නිසි ප්‍රමිතියට සකස් කර නඩත්තු කිරීම කළ යුතු බවත් , එම අලි වැට නඩත්තු කිරීම ගම්වාසීන් විසින් සිදු කළ යුතු බවත් සත්ත්ව සංවිධාන එහිදී පෙන්වා දුන්නා.

    ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් බළධාරීන් හා නිළධාරීන් සමඟ සාකච්ජා කර විදිමත් අලි වැට ඉදිකිරීමට කටයුතු කරන බව එහිදී එම පරිසරවේදීන් හා සත්වවේදීන් ගම්වාසීන්ට පැවසූ අතර මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ‘‘සුරකිමු ශ්‍රී ලංකා’’ සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් අදහස් දක්වමින් කියා සිටියා.

    අද දවසේදී රෙයාර් ශ්‍රී ලංකා (RARE SRI LANKA) සංවිධානයේ ආරාධනාවෙන්, දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන්ගේ සංවිධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලි -මිනිස් ගැටුම සම්බන්ධයෙන් නිරීක්ෂණ ක්ෂ්‍රේත්‍ර චාරිකාවක් පැවැත්වුණා.ඒ සඳහා වෛද්‍ය පිලපිටිය මහත්මා හා රෙයා ශ්‍රී ලංකා  ආයතනයේ නියෝජිතයෝ ඇතුළු තවත් පරිසරවේදීන් සහභාගී වුණා, අපිත් ඒ සඳහා එකතු වෙලා, අපි බැලුවා දැන් අත්වෙලා තියෙන ඉරණම, විශේෂයෙන්ම විල්පත්තු මායිම ආශ්‍රිතව සිදු වෙලා තියෙන අලි- මිනිස් ගැටුම්, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සහ මිනිස්සුන්ගේ වගාවන්ට සිදු වෙලා තියෙන හානි, මිනිස් ජීවිත වලට සිදුවන හානී, මිනිස්සුන්ගේ අවධානම, භය සංකාව සහ අලින්ගේ ආරක්ෂාව පිළිබඳවත් දීර්ඝ සාකච්ජාවක් පරිසරවේදීන් මන්ත්‍රීතුමන් සමඟත්, අදාළ ප්‍රදේශයේ  සියලු නියෝජිතයොත් එක්කත්, ගොවි සංවිධානත් එක්කත් සිදු කළා.ඒ තුළින් අපිට පැහැදිලි වෙච්ච දෙයක් තමයි ශ්‍රී ලංකාවේ මේ වන විට සකස් කරලා තියෙන අලි මිනිස් ගැටුම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක, ඒ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කළොත් 80% ක් අලි-මිනිස් ගැටුම අවසන් කරන්න පුලුවන් කියන එක, පරිසරවේදීන් පමණක් නෙමෙයි මේ සියලු නිළධාරීන්, දේශපාලඥයින් තේරුම් කර ගත්ත කාරණාවක්.ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ සහය ලබා දෙන්න අපි සූදානම්,  ඒ සඳහා මුදල් වල අඟහිඟතාවයක් රට තුළ තිබෙනවා, ඒ පිළිබඳව අපි ජාත්‍යන්තර  සංවිධාන සමඟ ලෝක බැංකුව සමඟ රජය හා අපි මැදිහත් වෙලා සාකච්ජා කරලා, අවශ්‍යය මුදල් සොයා ගෙන ත්‍රස්තවාදයෙන් බේරා ගත්ත රට අලි මිනිස් ගැටුමෙන් අහිංසක මිනිස්සුත්, මේ අහිංසක සත්වයාත් බේරාගැනීමේ වැඩසටහනට සංවිධානාත්මකව අපි එකතු වෙන්න කැමතියි කියන එක අද දවසේදී පැහැදිලිව කියන්න ඔ්න, අද දවසේ වැදගත්, පුලුල් සාකච්ජාවක් මෙන්ම ක්ෂේත්‍ර චාරිකාවක් සිදු වුණා.ඒක ඉතාමත්ම හොඳ අත්දැකීමක් අපිට, විශේෂයෙන්ම අපි පින්දෙනවා රෙයා ශ්‍රී ලංකා ආයතනයටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට හා ඒ සඳහා දායකත්වය දීපු හැමදෙනාටමත් යැයි පැවසුුුවා.

    “රෙයාර් ශ්‍රී ලංකා” ආයතනයේ නිර්මාතෘ හා උපදේශිකා පංචාලී පනපිටිය මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ,

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා, අපිව දැනුම්වත් කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අලි -මිනිස් ගැටුම නිසා ගොඩක් දුක් විඳිනවා කියලා, ඒ වගේම මෙරට වන අලි ඝාතනයන් වැඩියෙන්ම සිදු වන දිස්ත්‍රික්කයක් අනුරාධපුර දිස්ත්‍රිකක්ය.ඒ නිසා අද අපි පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ, මහාචාර්ය සුමිත් පිලපිටිය ඇතුළු තවත් පරිසරවේදීන් සමඟ පැමිණ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා සමඟ ගමින් ගමට ගෙයින් ගෙට ගිහින් මේ අලි -මිනිස් ගැටුම පිළිබඳව, මේ ප්‍රශ්නයට මුහුණ දෙන ජනතාව සමඟ විශාල සාකච්ජාවක යෙදුනා.ගොවි මහතුන් සමඟ සාකච්ජා කළා, එහිදී අපට පෙනී ගිය දේ තමයි දැනට ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුමට හදලා තියෙන ක්‍රියාකාරී සැලැස්ම මේ ප්‍රශ්න වලට 80% කවත් විසඳුම් හොයාගන්න පුලුවන් හොඳ සැලැස්මක් කියලා අපිට තහවුරු වුණා.අපි ජනතාව සමඟත් මේ සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ජා කළා, ගම්වාසීන් කිව්වේ පුලුවන් තරම් ඉක්මනට මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ දිස්ත්‍රිකක්යේ කියලා.ඒ සඳහා විශාල මුදල් ප්‍රථිපාදන ප්‍රමාණයක් අවශ්‍යය වෙලා තියෙනවා රජයට, ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ මුදල් ලබා දෙන්න කියලා.ඒ එක්කම ජාත්‍යන්තර සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හා අලින්ට හා මිනිසුන්ට ආදරය කරන හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ සැලැස්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි.රට පුරාම ක්‍රියාත්ම කිරීම සඳහා මුලු රටක් හැටියට ජාතියක් හැටියට අපි එකතු වෙමු, රජයට උදව් කරමු, මේ ප්‍රශ්නයට මුදල් හොයාගෙන අලි මිනිස් ගැටුමෙන් හානියට පත් වෙන අලින්ගේ හා මිනිස්සුන්ගේ  ජීවිත කියන දෙකම බේරා ගැනීමට ඉදිරිපත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා යැනුවෙනි.

     

    duminda Dissanayake
    පෙර පුව​තසෞඛ්‍ය වෘත්තිකයන් සහ සිවිල් හා බහුජන සංවිධාන විශේෂවිශේෂ සාකච්චාවක්
    ඊළඟ පුව​ත සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු වන්නේ නෑ

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ

    හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට

    2026-02-06

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    2026-02-06

    ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා

    2026-02-06

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group