යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකට සම්බන්ධවු සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
විශ්ව විද්‍යාල පාලක සභාව පැවසූවේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හා නවක සිසුන් පිරිසක් අතර වු ගැටමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් මත සිසුන් සිව් දෙනෙකු වෙත නැවත දැනුම්දෙන තුරු පන්ති තහනම් කර ඇති බවයි.
පසුගිය 21 වැනිදා තිරුනෙල්වේලි පිහිටි යාපනය, විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපිරිසක් අතර ගැටුම හටගෙන තිබුණා.
පන්ති තහනමට ලක්ව ඇත්තේ සිව්වන වසර සිසුන් තිදෙනෙකු හා පළමු වසර සිසුවෙක්.
පාලක සභාව පැවසූවේ ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සිසුන් වෙත දඩුවම් පැනවීමට නියමිත බවයි.
උණුසුම් පුවත්
- හෙද වෘත්තීය ගැටළු සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක්
- පිලිපීනයේ කල්මේගි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
- හෙරෝයින් කිලෝ 3 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
- වතු කම්කරුවන්ගෙන් රජයට ප්‍රසංසා
- පසුගිය පැය 24 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක්
- දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
- අය වැය 2 වන වර කියවීම අද
- විදේශ කටයුතු ඇමති සෞදියට












