Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥයාට වැඩ වරදියී

    නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥයාට වැඩ වරදියී

    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත් කිරීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අගෝ. 6) තීන්දු කළේ ය.

    අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවට එල්ල වූ චෝදනාවට තමා නිවැරදිකරු බවට එම නීතිඥවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති සාක්ෂි විභාගයක් අවසානයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසිනි.

    අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරි ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වන දා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණු බවත් ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ නිකුත් කළ චෝදනා පත්‍රයට තමා නිවැරදිකරු බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.

    වගඋත්තරකාර නීතිඥවරයා ද සාක්ෂි ලබාදීමේ අවස්ථාව දෙමින් සාක්ෂි විභාගයක් පවත්වා ඇත්තේ ඉන් අනතුරුව ය.

    ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් පමණක් බව මතක තබා ගත යුතු යැයි පැවසීය.

    ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥභාවයෙන් ඉවත් කිරීමට නියෝග කරන බවත් ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එහි රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබිණි.

    පෙර පුව​තපාසල් දරුවන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ මානසික පීඩනය ඉහලට
    ඊළඟ පුව​ත අලුත ඉපදුන බිලිදා ගෙදර මිදුලේ වලදාලා

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group