ශ්‍රී ලංකාවේ ගාල්ලට දකුණින් වූ ඉන්දීය ගැඹුරු මුහුදේ භූමි කම්පාවක් හට ගෙන තිබෙනවා.
මෙම භූමි කම්පාව අද දහවල් 12.30 ට පමණ හට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙම භූමි කම්පාව මුහුදේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බව ද වාර්තා වනවා.