මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ ඕඩිසි සංචාරක දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේදී අද(26) පස්වරු 1.30ට පමණ පීලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
එම දුම්රියේ එන්ජින් කොටස පීලි පැන ඇති බවත් දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා නොවන බව පාලක මැදිරිය පවසනවා.
පීලි පැනීමකට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙක් කියා සිටියා.





 


 






 
								