කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු වන තම පුත්‍රයා හට මත්කුඩු ලබා දීම සඳහා රැගෙන පැමිණි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර විලේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බවටයි කළුතර උතුර පොලිසිය කියා සිටියේ.
බන්ධනාගාරයේ රඳවා සිටින තම පුත්‍රයා බැලීම සඳහා අදාළ සැකකාරිය බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ඇය සතුව තිබූ පාර්සලය බන්ධනාගාර නිලධාරින් විසින් පරීක්ෂා කර තිබෙනවා.
ඉන් අනතුරුව ඇය රැගෙන ආ පාර්සලයේ ඇඳුමක බහා සඟවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.













