පාසල් ළමුන් ඉලක්ක කරගනිමින මත්කරල් ජාවාරමේ යෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ
විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත
එහි දී පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා මත්කරල් 230ක් සන්තකයේ තබාගෙන සිටි වෑබඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක කාන්තාවක් ජංගම දුරකථනයක්ද සමග අත්අඩංගුවට ගැනීමට විශේෂ බළකා නිලධාරින් සමත්වුණි
වැඩිදුර විමර්ශන සඳහා සැකකාරියව කඩවත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.