Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුගියන්ට එක ප්‍රතිපත්තියක්, වංචාකර ව්‍යාපාරිකයන්ට තව ප්‍රතිපත්තියක්

    දුගියන්ට එක ප්‍රතිපත්තියක්, වංචාකර ව්‍යාපාරිකයන්ට තව ප්‍රතිපත්තියක්

    2023-06-20කියවීමට මිනිත්තු 4ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

    ඔහු මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මුදල් කාරක සභාවේදී අනුමැතිය හිමිවූ ‘පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත’ පිළිබඳ හා දුෂණ විරෝධී පනත පිළිබඳ අද (20) දින පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමිනි.

    “ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙනවා බලගතු ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරගෙන යන්න. ඒ ප්‍රතිසන්ස්කරණයේදී මුදල් අමාත්‍යංශය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදලට පොරොන්දු වෙලා, නො කරපු දේවල් පිළිබඳව වාර්තාවක් පළ කළා. එයින් එකක් තමයි, කැසිනෝ බදු පිළිබඳ වෙච්ච බදු අනුමත නොකිරීම. මුදල් අමාත්‍යංශය ජනවාරි 30 පොරොන්දු වෙලා තියෙනවා සැප්තැම්බර් 10 වෙනකොට කැසිනෝ නියාමනය පිළිබඳ පනතක් අනුමත කරලා ක්‍රියාකරන බවට. නමුත් ඒක අඩු ම ගානේ කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කරලා නෑ. කැසිනෝ 4 යි තියෙන්නේ. ඒ හතරවත් නියාමනය නොකර තවත් කැසිනෝ 7 ට අනුමත අනුමැතිය දෙන්න යනවා. මම මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා කැසිනෝ නියාමනය පිළිබඳ පනත වහාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනුමත කරන්න කියලා.

    මේ අවුරුදු 28 ට කැසිනෝ වලින් ඩොලර් 100 ක මුදල අය කරලා නැහැ. නමුත් මැයි මාසේ අය කරලා තියෙනවා. ගාණ කීයද? බිලියන 72 යි. බිලියන 72 බෙදුවහම ඩොලර් 100 න් උත්තරය 2000 යි. 2000 කැසිනෝ හතරෙන් බෙදුවහම 600 යි උත්තරේ. ඒක දින 30 න් බෙදුවහම 20 යි උත්තරේ. ඒ කියන්නේ එක දවසකට මේ කැසිනෝ එකට ඇතුල් වෙලා තියෙන පිරිස 20 දෙනයි. ඒ 20 දෙනා ඉන්න කැසිනෝ එකට තමයි තව බලපත්‍ර 7 ක් දෙන්න යන්නේ. එක්කෝ ඒ ඉදිරිපත් කරලා තියෙන දත්තය වැරදියි. එහෙමත් නැත්නම් මේ කරන්න යන දේ වැරදියි. ඒ නිසා මුදල් අමාත්‍යාංශයේ, වෘත්තීයවේදීන් සහ අනෙක් අය පසුපස හඹා යනවා වෙනුවට අතේ තියන බදු ටික එකතු කර ගන්න අවංක වෙන්න. දත්ත සේවාවන් එහෙම නැත්නම් ඩිජිටල් සේවාවන් වලට කිසිම බද්දක් අය වෙන්නේ නැහැ. අද මේ රටේ Uber, Facebook ක්‍රියාත්මක වෙනවා. තවත් ඩිජිටල් සේවාවන් ගණනාවක් ක්‍රියාත්මකයි. හැබැයි තඹ දොයිතුවක බද්දක් මේ වගෙන් අය වෙන්නේ නැහැ. අපි ඉල්ලා හිටිනවා පසුගිය යහපාලන ආණ්ඩු කාලේ ගෙනාපු ඩිජිටල් සේවා පිළිබඳ පනත හැකි ඉක්මනින් ගෙන්න කියලා.

    තවත් බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන සීනි බදු වංචාව ගැන කමිටුවෙන් වාර්තාවක් කැඳෙව්වා. අනුර යාපා ඇමතිතුමා, ඒ වාර්තාව මේ සභාගත කළා. විගණකාධිපතිතුමා වාර්තාවක් දුන්නා. ඒ වාර්තාවෙන් 2020 ඔක්තෝබර් 14 සිට 2021 දක්වා අහිමි වූ බදු මුදල මිලියන 16,763 කියලා. ඒ කාලේ පට්ට ගහපු මහ බැංකු වංචාවට වඩා විශාල වංචාවක් මේ බදු වංචාව. මුදල් අමාත්‍යංශයට අද වෙනකම් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මේ මිලියන 16,000 න් 45% ක්ම එක සමාගමක්. අනෙක් ඒවා සමාගම් 6 ක්. මේ බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගහන එක පිළිබඳව මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙනවා. ඉස්සරහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. රටේ වැඩකරන ජනතාවගේ, EPF, ETF එකට සහ බැංකු පද්ධතියට මේක බලපානවා. බැංකු පද්ධතියට අයකර ගැනීමට නොහැකි වූ ණය වල ගණන කීයද? පසුගිය මාර්තු 31 වෙනිදට බිලියන 1350 යි. බිලියන 1350 යි කියන්නේ එකේ ආදායමට සමාන ගාන. ප්‍රතිශතයක් හැටියට 13% යි. වෙනත් රටවල මේ ගාන කීයද? ඉන්දියාවේ 5.8% යි. මැලේසියාවේ 1.8% යි. තායිලන්තයේ 3.1% යි. පකිස්ථානයේ 8% යි. තැන්පත්කරුවන්ගේ සල්ලි වංචනික ව්‍යාපාරිකයන් කීප දෙනෙක් අතට ගිහිල්ලා කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්නවා. පාර්ලිමේන්තුවේම හෙළිදරව් වෙච්ච කරුණු අනුව එක්තරා මත්පැන් සමාගමක්, මහ බැංකු වංචාවට සම්බන්ධ වෙච්ච සමාගමක් ලංකා බැංකුවෙන් ගත්ත ණයක්, මහජන බැංකුවෙන් ගත්ත ඇපකරයට තිබ්බේ එකම එකම දේපල ඒ දේපල වටිනාකම වගේ කීප ගුණයක ණය අරන් තියෙනවා දෙකම එක්කහු කරාට පස්සේ රුපියල් බිලියන 7 ක පොල්ලක් අද ලංකා බැංකුවට, මහජන බැංකුවට තියලා තියෙනවා. මොකක්ද අරන් තියෙන පියවර? පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීලා හිටපු මන්ත්‍රීලා ඇමතිලා ඉන්නවා මේක පිටිපස්සේ. හොඳ බෙන්ස් රථවල යනවා. කොළඹ හතේ ජීවත් වෙනවා. හැබැයි අහිංසක තැන්පත්කරුවන්ගේ සල්ලි වලින් නැටිල්ල නටන්නේ.

    මුදල් අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා මේ බැංකු පද්ධතිය ස්ථාවර කරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින් මේ අක්‍රමික ණය කඩිනම් එකතු කර ගැනීමට කටයුතු කිරීම. සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ, පනත යටතේ, දේපළ ජනසතු කරනවා නම්, දේපළ අත්පත් කරගන්නවා නම්, බිලියන 1350 ක් ගෙවලා නැති ජාවාරම්කාර පන්තියට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන මුදල් අමාත්‍යංශය උත්තර දෙන්න ඕනේ. 2022.12.31 ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතු නො කරපු බදු ප්‍රමාණය බිලියන 904 යි. ගිය අවුරුද්දේ වැටුප් ගෙවන්න කීයද ගිය? බිලියන 950 ක්. විශ්වාසනීයත්වය ඇති කරගන්න නම් මේ බදු අයකරගෙන පෙන්නන්න ඕනේ.”

    යනුවෙන් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියා.

     

     

    පෙර පුව​තආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතුයි
    ඊළඟ පුව​ත සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපයි

    සබැ​ඳි පුවත්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    ADB සභාපති දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group