ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අද දැනුම් දීමට නියමිත බව වාර්තා වනවා.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත උපුටා දක්වන්නේ අදාළ දැනුම්දීම අද චීනය විසින් ලිඛිතව සිදු කරනු ඇති බවයි.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විසින් සිය ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී තිබුණා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සිය එකඟතාව සිදුකරනු ඇති බව භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පසුගිය සිකුරාදා දිනයේ ප්‍රකාශ කළා.