අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අවසන් වී තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැදවීම සිදු කෙරුණු අතර එය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වු බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 18 වන දා සිට ආරම්භ කිරීමට නියමිතයි.
මධ්‍යස්ථාන 110ක ක්‍රියාත්මක සාමාන්‍ය පෙළ ඇගයිම් සදහා ගුරුවරුන් 29750ක පිරිසක් එක්වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.