Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

    මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

    2025-07-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.92 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

    එසේම උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක් 60ක් පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

    මේ අතර ඉදිරි පැය 24ක කාලයට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.

    සුළඟ

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගාය පැයට කිලෝමීටර් 35ක් 45ක් පමණ වේ.

    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රීකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද නිවේදනයේ සඳහන්.

    මුහුදේ ස්වභාවය

    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  වැස්සෙන් විනාශ වූ වගාවන් වෙනුවෙන් රජයේ වැඩපිළිවෙල

    එම නිසා ඉදිරි පැය 24 සඳහා මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රීකුණාමලය හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

    පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

    මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින

    weather
    පෙර පුව​තයතුරු පැදි ඉස්සූ තිදෙනෙක් අයිස් සමග කොටු
    ඊළඟ පුව​ත PHOTOS: මධ්‍යම කඳුකරයේ ඝන මීදුම් තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group