2025 ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය වෙනුවෙන් ක්රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙවර ක්රීඩක වෙන්දේසිය සවුදි අරාබියේ ජෙඩා නගරයේදී පැවැත්වීමට නියමිතයි.
ෂඡඛ ක්රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය තහවුරු කරන්නේ මෙවර ක්රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්රීඩකයන් 1,574 ක් ලියාපදිංචි වී ඇති බවයි.
ඉන් 1,165 දෙනෙකු ඉන්දීය ක්රීඩකයන් වන අතර ක්රීඩකයන් 409 දෙනෙකු විදෙස් ක්රීඩකයන් වන බව ද සදහන්.