
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සහ සහ අද අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්.
ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.














