
පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
පැය 24 පුරා ක්‍රියාත්මක අදාළ දුරකථන අංක ඔස්සේ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා අයදුම්කරුවන්ට නිෂ්කාශන අයදුම්පත් යොමුකිරීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් 071 යි 859යි 59යි 46 , 071යි 859යි 59යි 47 සහ 071යි 859යි 59යි 48 යන දුරකථන අංක ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා .














