
මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බවයි. මෙම එක් ඩ්‍රෝන යානයක මගීන් 06 දෙනෙකුට ගමන් කළ හැකි බව සඳහන්.














