ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 16 වැනි තරඟයෙන් ලකුණු 106ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 272ක් රැස් කළා.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් නරේන් පන්දු 39කදී ලකුණු 85ක් සහ ඇන්ඩ්‍රේ රසල් පන්දු 19දී ලකුණු 41ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේද අන්රික් නොකියා ලකුණු 59ට කඩුළු 03ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.
මෙහිදී නායක රිෂාබ් පාන්ට් ලකුණු 55ක් සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් ලකුණු 54ක් රැස් කළා.
පන්දු යැවීමේදී වයිබව් අරෝරා සහ වරුන් චක්‍රවර්තී කඩුළු තුන බැගින් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට













