ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 16 වැනි තරඟයෙන් ලකුණු 106ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 272ක් රැස් කළා.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් නරේන් පන්දු 39කදී ලකුණු 85ක් සහ ඇන්ඩ්‍රේ රසල් පන්දු 19දී ලකුණු 41ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේද අන්රික් නොකියා ලකුණු 59ට කඩුළු 03ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.
මෙහිදී නායක රිෂාබ් පාන්ට් ලකුණු 55ක් සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් ලකුණු 54ක් රැස් කළා.
පන්දු යැවීමේදී වයිබව් අරෝරා සහ වරුන් චක්‍රවර්තී කඩුළු තුන බැගින් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













