චීනය සමග සිදු කිරීමට නියමිත TikTok ගිවිසුම සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආයෝජකයන් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන රූපට් මර්ඩොක්, ලැච්ලන් මර්ඩොක්, ඔරකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලැරී එලිසන් හා ඩෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් එස්. ඩෙල් එලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු TikTokහි අමෙරිකාවේ පවතින කොටස් අමෙරිකාවට පැවරීම මෙම ගණුදෙනුවේදී සිදු වනවා.