නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ එළවළු වගා ගොවීන් එක්ව අද ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමමින් රජයට සිය බලවත් විරෝධය පළ කරනු ලැබුවා .
ඒ දේශීය අර්තාපල් සහ බී ලූනු වගා ගොවීන්ට සාධාරණයක් ඉල්ලමින්.
දේශීය වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි දේශීය අර්තාපල් සහ බී ලූනු තොග ප්‍රමාණවත් ලෙස පවතින විටදීත් රජය විසින් අසාධාරණ ලෙස එම භෝග ආනයනය කිරීම සහ ඒ සඳහා ප්‍රමාණවත් බදු මුදල් අය නොකිරීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුව බවයි ගොවීන් සදහන් කලේ .
විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ, ආනයනික භාණ්ඩ මත පනවා ඇති අඩු බදු හේතුවෙන් දේශීය ගොවීන්ට තම අස්වැන්න නිෂ්පාදන වියදමවත් ආවරණය වන පරිදි අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
මෙම තත්ත්වය දේශීය ගොවියාගේ ජීවනෝපායට සහ වගා අනාගතයට දැඩි තර්ජනයක් වී ඇති බව විරෝධතාවය දක්වන පිරිස් අවධාරණය කළා.
කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට අද දින එළවළු තොග ප්‍රවාහනය නොකිරීමට ද ව්‍යාපාරිකයන් සහ ගොවීන් පියවර ගෙන තිබෙනවා.
ඒ විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙසයි.
නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා ගොවීන් දහස් ගණනක් ද අද දින ඔවුන්ගේ දෛනික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී මෙම විරෝධතාවයට සහය පළ කරන ආකාරයක් දක්නට ලැබුණා .
පවතින උණුසුම් තත්ත්වය මත නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා බලධාරීන් පියවර ගෙන ඇති අතර, ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.
ගොවීන් ඉල්ලා සිටින්නේ වහාම ආනයනික බදු සංශෝධනය කර, දේශීය නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙන ආකාරයේ ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගත යුතු බවයි.













