
නේපාල, ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාම සහ රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා. ටි්‍රෂුලි 3A සහ ඉහළ ටි්‍රෂුලි යන ජල විදුලි ව්‍යාපෘති කිහිපයකම උමං මාර්ග තුළ පුද්ගලයින් 933කට ආසන්න පිරිසක් සිරවී ඇති බවට සැකපළ කෙරෙන අතර එම පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් දිවා – රාත්‍රී අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් අවදානම් සහගත කාලගුණික තත්ත්වය සහ උමං මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් මෙහෙයුම් අතිශය දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.














