
ඔඩිෂා හි සිට සිංගප්පූරුව බලා යකඩ ලෝහ ප්‍රවාහනය කරමින් තිබූ පැනමා රාජ්‍යයේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්කේදී ගිලී ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙම නෞකාව කාර්යමණ්ඩලයේ 24 දෙනෙකු සමග පාරදීප් වෙරළට නාවික සැතපුම් 240 ක් පමණ දුරින් මුහුදේදී ගිලී ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සදහන් වන්නේ.
එමෙන්ම, නෞකාවේ සිටි කාර්යමණ්ඩලයෙන් බහුතරයක් චීන ජාතිකයන් බවට වාර්තා වනවා. ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.














