Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩොලර් බිලියන 200ක් විනාශ කළ ජවිපෙට රට ගොඩගන්න බෑ

    ඩොලර් බිලියන 200ක් විනාශ කළ ජවිපෙට රට ගොඩගන්න බෑ

    2024-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන වීසා වංචාව මගින් රටේ දේශ සීමා ඉන්දියාවේ පෙට්ටි කඩයකට විකුණා දැමුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකලා ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඊයේ (22) පස්වරුවේ මොරටුවේ පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම පිණිස පැවැති ජන හමුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

    “සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වෙන්නේ එදා 2019 දී පැවැත්වුණා වගේ සාමාන්‍ය ජනාධිපතිවරණයක් නෙවෙයි. මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ බංකොලොත් රටක. 1815 මාර්තු 02 වෙනිදා අපට නිදහස අහිමි වෙලා ස්වෛරීභාවය අහිමි වුණා වගේ 2022 අප්‍රේල් 12 වෙනිදා අපට ස්වෛරීභාවය අහිමි වෙලා අපේ අනාගතය තීරණය කිරීම අපේ ණය හිමියන්ට බාර කරපු රටකයි අපි ජනාධිපතිවරණය පවත්වන්නේ. ඒ වගේම 2019 ජනාධිපතිවරණය පැවැත්වුණේ ආණ්ඩුවේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා හැටියට විපක්ෂයේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ හැටියට. නමුත් මෙවර ආණ්ඩුවේ අපේක්ෂකයා පළවෙනි තරඟකරුවන් දෙන්නා අතරේ නැහැ. අද තරගය සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් අතර. ඒක අපි අමතක කරන්න හොඳ නෑ. මේ රට අද මේ ලබාගෙන තියෙන්නෙ තාවකාලික තත්ත්වයක්. අද 2022 තිබුණු මහා පරිමාණ තෙල් පෝලිම් නෑ. විදුලි කප්පාදුව නෑ. බෙහෙත් තියෙනවා, පොහොර තියෙනවා කියලා, අපට කියනවා. නමුත් මතක තියා ගන්න, එදා අපේ රජය යටතේ 2015 එදා අපි තෙල් මිල බැස්සුවා, පෙට්‍රල් මිල රු. 154 ඉඳන් රු. 117 ට මතකයි නේද? ඩීසල් මිල බැස්සුවා. 134 ඉඳන් රු. 95 ට මතකයි නේද? විදුලි බිල බැස්සුවා රු. 16.20 ඉඳන් රු.15 ට විදුලි ඒකකය. එහෙමත් කරලා ඒ ආයතන ලාභ කරලා ඒ ශක්තිය අපි ජනතාවට ලබා දුන්නා. නමුත් අද විදුලි ඒකකය තුන් ගුණයකින් වැඩි කරලා තෙල් මිල තුන් ගුණයකින් වැඩි කරලා බෙහෙත් මිල හතර පස් ගුණයකින් වැඩි කරලා පොහොර මිල හත් අට ගුණයකින් වැඩි කරලා තමයි මේ කියන ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ. කොටින් ම කිව්වොත් ණය ගෙවීම 2028 න් ඔබ්බට අවු. 18 කට කල් දමලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ස්ථාවරත්වය කියන එක අරන් තියෙන්නේ. ඒ නිසා එළඹෙන ආණ්ඩු මතක තබා ගත යුතුයි නැවත නැවතත් රට බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා. තවදුරටත් මේ රට විප්ලවීය අත්හදා බැලීම් කරන්න ගියොත් රට නැවත නැවතත් බංකොලොත් වෙලා. රටේ ජනතාව ඉතුරු ටිකටත් මුහුදට පනින්න වෙන තත්ත්වයක් උදා වෙන්න නියමිතයි. ඒක වලක්වගන්න නම් පළපුරුදු පිරිසක්, කළමනාකාරිත්වය සහිත පිරිසක් රට බාර අර ගෙන රට ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කළ යුතුයි.

    පෙර පුව​තබංග්ලාදේශය ක්‍රිකට් පුහුණුකරුවකු සොයයි
    ඊළඟ පුව​ත නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළට ගෙන ආ දුම්වැටි තොගය

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group