Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවුරුදු 10 තුළ වැඩිම මත්ද්‍රව්‍ය ඇල්ලුවේ පසුගිය මාස 10දී

    අවුරුදු 10 තුළ වැඩිම මත්ද්‍රව්‍ය ඇල්ලුවේ පසුගිය මාස 10දී

    රංජිත් රාජපක්ස - හැටන්
    2025-10-27කියවීමට මිනිත්තු 3ක් ගතවේ.83 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍ය වලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුල වත්මන් රජය විසින් අල්ලා ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා ඒ බැව් (26) දින කියා සිටියේ නුවරඑලිය නගරසභා ශාලාවේ පැවති ලංකා වතු සේවා සංගමයේ රැස්වීම අමතමිනි.
    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ.

    “දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. රටට නීතියක් ඕනද නැද්ද? ඕන. ඒ නීතිය ඕන පොඩි එකාට විතරද? මහ එවුන්ට ඕන නැද්ද? අවුරුදු 76ක් නීතිය තිබුණා. කාටද දන්නවද? වත්තෙ එකාට, ගමේ එකාට, සාමාන්‍ය මිනිහට තිබ්බා. ලොක්කොන්ට නීතිය තිබ්බේ නෑ. දැන් ලොකු පොඩි බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කෙරෙන්ඩ ඕනද නැද්ද? කෙරෙන්ඩ ඕන. කෙරෙනකොට කලබල වෙනවා. කලබල වුනාට අපි කලබලයක් නෑ. අපි ගානට අධිකරණයට කියලා තියනවා, පොලිසියට කියලා තියනවා, අදාළ අල්ලස් දූෂණ එකට කියලා තියනවා. නීතිය හරියට කරන්න කියලා. අපි නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. ඒවා කරන ආයතන කරනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා.

    දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට ලොකු ලොකු අයට වගේම මේ රට වනසපු කුඩු ක්‍රමක්‍රමයෙන් අලල්නවද නැද්ද ? පහුගිය අවුරුදු 10 අපි බලයට එන්න ඉස්සල්ලා අල්ලපු කුඩු වලට වඩා මාස 10ක් තුල අපි ඇල්ලුවා. දැන් අපි අල්ලපු කුඩුතොගය හදිසියේවත් අල්ලන්න බැරි උනොත් ඔය කුඩු අපේ රටේ තරුණ තරුණියෝ බොනවද නැද්ද? වත්තේ ඉදන්, ගමේ ඉදන්, නගරේ ඉදන් බොනවද නැද්ද? බොනවා. මේවා අල්ලන්න ඕනද නැද්ද? අල්ලන්න ඕන සුද්ද කරන්න ඕන. එන තිස්වෙනිදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් දැවැන්ත ජාතික ව්‍යාපාරයක් හදනවා විෂ මත්ද්‍රව්‍ය සහ පාතාලය සුද්ද කරලා දාන ව්‍යාපාරයක් හදනවා. වසර 2-3ක් යනකොට ඔක්කොම සුද්ද කරනවා.

    දැන් මේ සමහර කදවුරුවල තියෙන තරමේ අවි ආයුධ හම්බෙනවානේ වැව් පතුලු වලින්. දැන් මතු වෙනකොට ඒ කට්ටිය පෝෂණය කරපු කට්ටිය බය වෙනවා. ඔය පාතාලය, ඔය කුඩු මොන ගර්භාෂයෙන්ද දන්නවද ඉපදුනේ කොළ පාට ගර්භාෂයෙන්, නිල්පාට ගර්භාෂයෙන් දේශපාලන පක්ෂ ඇතුලෙ ඉපදුනේ. ඔය අපරාධ කරන්න පුලුවන්ද පාලකයාගේ හයියක් නැතුව. ඕවා පාලකයොත් එක්ක කරේ. ඔය දැවැන්ත කුඩු තොගය ගේන්න පුලුවන්ද පාලකයන්ගේ උදව්වක් නැතුව? ඒ උදව්ව ඇතුව කෙරුණේ. ඒ අනුව සෑහෙන්න ධනය ඒ කට්ටිය ගාවට ආවා. දැන් අල්ලපු කට්ටිය සමහර කට්ටිය වමාරනවා ඈ.

    දැන් කියනවා සත්‍ය එලියට එනවා. ඒ වෙනකොට කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. අපි මේ ගමන යනවා. ආන්න ඒ වගේ ගමනක් යනකොට වත්තෙ ජනතාව මලයගම් ජනතාව තව තව ශක්තිය දෙන්න ඕනද නැද්ද? දෙන්න ඕනේ. ඔබ සොච්චම් විදිහට හම්බ කරගන්නා මුදල දරුවගේ අනාගතය ගොඩ නගන්න දෙන්නේ නැතුව මේ කට්ටිය ගමනක් යනවා නම් වළක්වන්න ඕන. අන්න ඒ කාර්ය මේ කෙරෙමින් තියෙන්නේ. ඒ හින්දා ඒ සියල්ල වෙනස් වෙනවා.

    ජනතාවාදී ආණ්ඩුවක්. එයාලා අවුරුදු 76යි. අපි තාම 01යි. එකෙන් ඔක්කොම කරන්න පුලුවන්ද? එකෙන් ඔක්කොම කරන්න බෑ. කරගෙන කරගෙන යනවා. ඒ හින්දා අපි මෙ විදිහට ගමන යනවා. ඒ විදිහට ගමන යනකොට අපි ඔබේ ප්‍රශ්ණ එක දවසේ විසදන්න පුලුවන් කියලා අපි කියන්නේ නෑ. ක්‍රමාණුකූලව විසදනවා”. යනුවෙන් පැවසීය. මෙම රැස්විමට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මන්ජුල සුරවීර ආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, බදුල්ල දිස්ත්‍රික් පා.ම. කිට්නන් සෙල්වරාජ් යන මහත්ම මහත්මීන් සහභාගි විය.

    පෙර පුව​තකාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත දීපාවලියට ගම්බිම්වලට ගිය ජනයාට ආපසු ඒමට බස් නෑ… මගී ජනතාවගෙන් චෝදනා

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group