රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට ගත් තීරණය සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව එම දුම්රිය සාමාන්‍ය පරිදි අද සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණයි.
අදාළ දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීම පිලිබදව මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජන කල බව අප වාර්තා කරුවන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සදහන් කලේ ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබීමෙන් අනතුරුව දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි