සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියේදී නාඩු සහල් හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව හැටන් නගරයේ සහල් ව්‍යාපාරිකයන් පවසනවා.
නාඩු සහල් කිලෝ පන්දහසක් මිලදී ගැනීමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිලදී ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනීමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිලී ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම කඩ තුල කීරි සම්බා තොග ගොඩ ගැසී ඇති බවයි ඔවුන්ගේ චෝදනාව වන්නේ.