Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ

    නැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ

    - පවතින ගැටලු විසදීමට කඩිනම් පියවර
    2023-06-13කියවීමට මිනිත්තු 3ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කයන්හි රෝගී රෝහල්හි පවතින ගැටලු, අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශය පසුගිය දිනවල විශේෂ නිරීක්ෂණ චාරිකාවක  නිරත වුුුණා.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත සිදු කෙරුණු මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවේ දී පොතුවිල් මුළික රෝහල, පානම ප්‍රාදේශීය රෝහල, දීඝවාපිය ප්‍රාදේශීය රෝහල, අක්කරෙයිපත්තුව මුළික රෝහල හා මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල් පිළිබඳව සොයා බැලීම් සිදුකළා. 

    මෙහිදී පොතුවිල් මුලික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන්‌ගේ විස්තර පරිගණක ගත කිරීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමත්, මඩකලපුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය ඩිජිටල් ගත කිරීමත්, සුවදිවි සායන මධ්‍යස්ථානය හා ප්‍රතිසංස්කරණය කරන ලද මෞත්‍ර ලිංගික ශල්‍ය වාට්ටුව ද රෝගී ප්‍රතිකාර සේවාවට එක් කිරීමද  සිදු වුුුණා. 

    රෝහල් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම රෝහලේ පවතින ගැටලු පිළිබදව විශේෂ සාකච්ඡාවක නිරත වීමටත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායම පියවර ගනු ලැබුුුවා. 

    මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල පවතින හිඟතාවය පිළිබඳවත් , රෝහල තුළ ක්‍රියාත්මක ඇතැම් ප්‍රතිකාර අංශ සඳහා පවතින ඉඩකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමත්, සමහර අංශ වල භාවිතා කරන වෛද‍්‍ය උපකරණ වල පැරණිභාවය හේතුවෙන් කාර්යක්ෂම සේවාවක් එම උපකරණ වලින් නොලැබීම පිළිබදවත්, රෝහල තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය පිළිබඳවත් ඒ සඳහා පවතින මුල්‍ය ගැටලු පිළිබදව  හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා ප්‍රදේශයේ අවශ්‍යතාවය මත රෝහල තුළ ස්ථාපිත කළයුතු නව අංශ හා ඒකක පිළිබඳවත් විශේෂඥ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානයට  මෙහිදී  යොමු කෙරුණා .

    මේ සම්බන්දව අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ පවතින ගැටලු පිලිබද තමන් ඇතුලු කණ්ඩායම  අවබොධයක් ලබා ගත් බවත්, ඒ් සදහා ගතයුතු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යතුමාද දැනුවත් කරමින් තමන්  කඩිනමින් ගන්නා බවයි.

    තවද වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සියලු දෙනා රෝගී සත්කාර සේවාවන් වල කටයුතු කරමින් සිටින අතරේ පවතින ගැටලු ,අභියෝග  නිරාකරණය කර ගනිමින්, පාලනය කර ගනිමින්, රෝගී සත්කාර සේවාව මනා ලෙස පවත්වා ගැනීම වෙනුවෙන් හා කොවිඩ් සමයේ තම ජීවිත ගැනවත් නොතකමින් රෝගී ජීවිත වල සුරක්ෂිතතාවය වෙනුවෙන් රෝගී සත්කාර සේවාවන් සිදු කල ආකාරය ද සිහිපත් කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් ද ඒ මහතා පලකළා. 

    විදෙස්  සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින් බහුලව  මෙම ප්‍රදේශ  වල සංචාරය කරන හෙයින් පවතින ගැටලු වලට කඩිනමින් විසදුම් ලබා දීමට තමන් අපේක්ෂා කරන බවත්, එයින් අනාගතයේ මෙම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ  වැඩි දියුණුවට ද එය හේතුවක් වනු ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළා. 

    මෙම අවස්ථාවන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය ජී.විජේසුරිය, වෛද්‍ය සුදත් ධර්මසිරි, අධ්‍යක්ෂ (ප්‍රාථමික සත්කාර)වෛද්‍ය සමන්ත රණසිංහ, අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ, කල්මුණේ ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අයි.එල්.එම්. රිෆාස් යන මහත්වරුන් ද, එම රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් විශේෂඥ වෛද්‍යවරුන්,  හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහභාගි වුණා. 

    පෙර පුව​තපාසලේ දරුවන්ට මුදල් අයකර අමතර පන්ති පවත්වන ගුරුවරුන්ට වැඩ වරදී
    ඊළඟ පුව​ත මස්කෙළිය සමූපකාර සමිතිය වසර 07 ක් විගණනය කර නෑ

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group