
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. ඒ අනුව, දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඊයේ දිනයේදී පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.














