
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන බවයි වාර්තා වන්නේ. එහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබු රුපියල් 5000 මුදල් නෝට්ටු 07ක්, රුපියල් 1000 නෝට්ටු 06ක්, රුපියල් 500 නෝට්ටුවක්, පරිගණකයක් ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන ඇති බව සඳහන් වනවා.














