ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම හරහා මැතිවරණ කොමිසම අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියා.
මේ සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරන පිරිස සිය විරෝධය පල කරනු ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ.
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් දක්වා සිටියා.