ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.ඒ නිල සංචාරයක් සඳහායි.
දෙදින නිල සංචාරයක් අරඹමින් ප්‍රංශයේ රැඳී සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද අළුයම එක්සත් අරාබි එමීරය බලා පිටත්ව ගිය බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.
ප්‍රංශයේ ජාතික දිනය හෙවත් බැස්ටිල් දිනය වෙනුවෙන් පැවැති රාජ්‍ය උත්සවය සඳහා ලද ආරාධනයට අනුවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශයට පැමිණ සිටියේ.
මේ අතර අදින් ආරම්භ වන එක්සත් අරාබි එමීර් සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් හමුවීමට නියමිතයි.
එම හමුව අබුඩාබි හිදී සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී දෙරට අතර ආරක්ෂාව සහ බලශක්ති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













