සමෘද්ධිලාභීන්ගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් ඊට නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී හෙළිව තිබෙනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුයේ සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම කටයුතු සිදු නොවන බවයි.
ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව සඳහන්.
සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද යෝජනා කර තිබෙනවා.
ඒ අනුව එහි වගකීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට පැවරෙනු ඇති.
උණුසුම් පුවත්
- දිවයිනට ගිනිකොණ බෙංගාල බොක්කේ ස්ථාපිත අඩු පීඩන කලාපය ගැන අලුත්ම අනාවැකිය
- ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
- මූල්යා වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- පියාගේ ගින්නෙන් බිරිය සහ දරුවෙක් මරුට – තවත් දරු දෙදෙනක් සහ නැන්දම්මාට බරපතලයි
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට













