ඉන්දියාව සභාපතිත්වය දරණ ජි 20 සමුළුවේ සංවර්ධන අමාත්‍යවරුන්ගේ රැස්වීම මේදිනවල පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාවේ වරණාසි හිදීයි. ඒ සඳහා රටවල් රැසක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වරණාසි වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය ඉරිදා ආරම්භ වූ සමුළුව අදින් අවසන් වනු ඇති.එම රැස්වීමට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රංශ, බංග්ලාදේශ, සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් පිරිසක් ද හමුවී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා , බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ රාජ්‍ය සංවර්ධන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කළ බවයි.
එහිදී රටවල් අතර පවතින සහයෝගිතා සහ සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
- පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි
- ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි
- වෙනිසියුලානු ජනපති සහ බිරිය අමෙරිකානු හමුදා භාරයට ගනී
- නූරියවත්තෙන් ඇසෙන ඛේදනීය කතාවක්
- රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි
- බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි













