ඇමෙරිකාව විසින් වානේ සහ ඇලුමිනියම් සඳහා පනවා ඇති තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අමෙරිකානු භාණ්ඩ සඳහා යුරෝපා සංගමයේ තීරු බදු, අගෝස්තු මස මුල දක්වා කල් දැමීමට යුරෝපා සංගමය තීරණය කළ බව එහි සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් නිවේදනය කර තිබෙනවා. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගම් භාණ්ඩ සියල්ලටම පනවන බවට ප්‍රකාශ කළ සියයට 30 ක තීරු බද්ද පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගම් වෙළෙඳ අමාත්‍යවරුන් අද බ්‍රසල්ස්හිදී රැස්වීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් පනවා තිබෙන ඉහළ තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් දැඩි කණස්සල්ලෙන් පසු වන බවද සඳහන්.
ඒ අනුව මෙම සාකච්ඡාවලින් මතු වන තීරණ පිළිබඳ යුරෝපා සංගමයේ සාමාජික රටවල දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
උණුසුම් පුවත්
- විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
- කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
- ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට














