මාලදිවයිනේ ජනාධිපතිවරණය ලබන 30 වන දා පැවැත්වීමට නියමිතයි.
මෙවර මැතිවරණයේදී ජනාධිපති ඊබ්රහිම් මොහොමඩ් සෝලි සහ විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු අතර දැඩි තරගයක් පවතින බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
එමෙන්ම මාලදිවයිනේ ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා විදේශ ප්රතිපත්ති සම්බන්ධයෙන් වෙන වෙනම චීනය සහ ඉන්දියාව සමග කටයුතු කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මේ හේතුවෙන් මෙම මැතිවරණය ඉන්දියාව සහ චීනය යන රටවල් දෙක අතර පැවැත්වෙන මැතිවරණයක් ලෙස ද හඳුන්වා තිබෙනවා.
ඉන්දියාව සහ චීනය මාලදිවයිනේ යටිතල පහසුකම් සදහා ණය සහ ප්රධාන වශයෙන් ඩොලර් මිලියන සිය ගණනක් ලබා දී ඇති බවද සඳහන්.