
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. උතුරු, උතුරු – මැද, ඌව සහ නැගෙනහිර පළාත් වල පස්වරු 2.00න් පසුව වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථාන වලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිවනවා.














