වැට් බදු ඉහළ දැමීමේ යෝජනාවට තමන් විරෝධතාවය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවයි ඔහු සදහන් කළේ.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවා.