ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .
ජනාධිපතිවරයා පවසුවේ එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙන බවයි .
හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා .
එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි .