සංක්‍රමණිකයන් සහ සරණාගතයන් රුගත් බෝට්ටුවක් ඉතාලියේ කැලබි්‍රයා ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර කුඩා ළමුන් 12 දෙනෙකු පමණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල සදහන් වන්නේ.
අනතුරින් පුද්ගලයන් 80ට වැඩි පිරිසක් දිවි ගලවාගෙන ඇති අතර, තවත් පුද්ලගලයන් 30ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්ථා පෙන්වා දෙනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 200ට ආසන්න පිරිසක් සිට ඇති බවට දිවි ගලවාගත් පිරිස් සදහන් කර තිබෙනවා.