පාකිස්ථානයේ විදුලි අර්බුදය උග්‍ර වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
කරච්චි නගරයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම එකවර බිද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ කාර්මික දෝෂයක් හේතුවෙන් අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැනක් අක්‍රීය වීම හේතුවෙන්.
විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවද වාර්තා වනවා.
එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී ද සමස්ත පාකිස්ථානයේම විදුලි සැපයුම එකවර විසන්ධි වුණා.